Book Retreats ජාත්‍යන්තර වාර්තාව මගින් 2026 වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස, ශ්‍රී ලංකාව නම් කර ඇත.
මෙරට ආයුර්වේද අභයභූමි ගෝලීය වශයෙන් සංචාරකයින්ගේ වැඩි අවධානයකට ලක්ව ඇති බව එම වාර්තාව මගින් සඳහන් කරයි.
මෙරට පවතින ආයුර්වේද උරුමය, අඩු පිරිවැය හා සහනදායී මිල ගණන්, වීසා සහන හා ස්වාභාවික විසිතුරු බව, ඊට හේතුවී ඇත.
තවද ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනයට ලක්වීමට ප්‍රධාන හේතු ලෙස සඳහන් කර ඇත්තේ,
*ලොව විශාලතම වන අලි රංචු
*නිල් තල්මසුන් නැරඹීමේ අවස්තාව
*වසර පුරාම සංචාරය කළ හැකි වෙරළ තීර
ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්ත අතර දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාව, තුන්වැනි ස්ථානය මොරොක්කෝවට හිමිව ඇත.
