By unusuma.lk on [last-modified] (LK time)
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසූවේ පැවති ගංවතුර තත්වය හේතුවෙන් වී වගාකළ අක්කර 253, 125 ක් පූර්ණ ලෙස සහ අක්කර 420,000 ක් අර්ධ ලෙස හානියට ලක්ව ඇති බවයි.
නිරාවිය පාලම ආසන්නයෙන් කලා ඔය පිටාර ගැලීම හේතුවෙන් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් තිස්පණේපුර ප්‍රදේශයේ කුඹුරු අක්කර දෙසීයකට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශයට පත්ව තිබෙන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම පැවති ගංවතුර හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක්ද ජලයෙන් යටවී විනාශයට පත්ව තිබේ.
මේ අතර ගංවතුර තත්වය හේතුවෙන් ත්‍රිකුණාමල, සේරුනුවර ප්‍රදේශයේ ගවයින් විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ගොවීන් පවසයි.
පවතින අධික වර්ෂාපතනයත් සමග තම අමු මිරිස් වගාවන් විනාශ වී ඇති බව තිරප්පනේ ගොවීන් පවසති.






