ජාතික ළමාආරක්ෂක අධිකාරිය පවසන්නේ ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,289ක් මේ වන විට පවරා ඇති බවයි.
ළමයින්ට අදාළව කරනු ලබන අසභ්‍ය පල කිරීම්, කුට්ටනයට ලක් කිරීම්, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුළියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෘෘරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.
එම අධිකාරිය පවසන්නේ 1998 අංක 28 දරණ අපරාධ නඩු විධිවිධාන සංශෝධන දන්ඩ නීති සංග්‍රහයට අනුව මෙම නඩු පැවරීම සිදුකර ඇති බවයි.
ඒ අතරින් නඩු 1,683ක් ජනවාරි මාසයේ කැඳවා තිබූ බව ද ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

