ආපදා සහන ද්‍රව්‍ය බෙදා හැරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ.!

විදේශ ආපදා සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් (26) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී රැස්වූහ.

විදේශ රට වලින් ලැබුණු ආපදා සහනාධාර අදාළ රාජ්‍ය ආයතන වෙත ලබාදීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම මෙන්ම විනිවිදභාවය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

ආපදා සහන ද්‍රව්‍ය බෙදා හැරීමේ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ ක්‍රියාත්මක වන අතර එහි ක්‍රමානුකූල භාවය හා විනිවිද භාවය තහවුරු කිරීම පිළිබඳව කමිටු සාමාජිකයෝ පුළුල් වශයෙන් සාකච්ඡා කළහ.

තවදුරටත් ගබඩා වල රඳවා තිබෙන භාණ්ඩ, එම ද්‍රව්‍ය වල අවශ්‍යතා හඳුනා ගනිමින් බෙදා හැරීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටියේය.

විදේශ සහනාධාර ලැබීමේ, ගබඩා කිරීමේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ථ කිරීමේ අරමුණින් සකස් කරන ලද දත්ත පද්ධතියේ නිරවද්‍යතාවය සහතික කරන ලෙසත් එම පද්ධතියේ දත්ත පිළිබඳ විගණන කටයුතු අදාළ පරිදි සිදු කරන ලෙසත් නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

එමෙන්ම විදෙස් රටවල් වලින් ආපදා සහන හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට ලබා දුන් විශේෂ භාණ්ඩ හා උපකරණ අදාළ පරිදි ත්‍රිවිධ හමුදාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද උපදෙස් දුන්නේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments