මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න පිළිබඳව මාර්තු මස (31) වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල සඳහන් කරයි.
ආණ්ඩු පෙරලුනාට පසුව කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදාගත් බවත් දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත් බවද නීතිඥ උදය ගමන්පිල සඳහන් කරයි.
වසර එකහාමාරක පමණ කාලයක් පුරා පර්යේෂණයක් සිදුකර “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම” නමින් පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කළ බවද නීතිඥ උදය ගමන්පිල සඳහන් කරයි.
එම පර්යේෂණ ග්‍රන්ථය එළැඹෙන මාර්තු මස (31) වනදා සවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළි දැක්වීමට බලාපොරොත්තු වන බවද නීතිඥ උදය ගමන්පිල සඳහන් කරයි.
අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ උදය ගම්මන්පිල මේ බව සඳහන් කරයි.
“පාස්කු ප්‍රහාරය වසර 7ක් සිට විකුණුවා. ආණ්ඩු හැදුවා ආණ්ඩු පෙරලුවා කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත්.”
