පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙලක් බස්නාහිරින් අරඹයි

අපරාධ මර්ධනය කිරීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාත තුළ තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක නව වට්ස්ඇප් (Whatsapp) දුරකථන අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වාදී ඇත.

ඒ අනුව “0777128128” යන දුරකථන අංකය ඔස්සේ අදාළ තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කරයි.

විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු අදාළ දුරකථන අංකය වෙත ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත මැදිරිය වෙත තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments