Advertisements

ලංගමට නව සුඛෝපභෝගී බස් රථ 200ක්

​අධිවේගී මාර්ග මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) නව සුඛෝපභෝගී බස් රථ 200ක් මිලට ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා ඇත.

පොදු ප්‍රවාහන සේවය නවීකරණය කරමින් මගී ජනතාවට වඩාත් සුවපහසු සහ උසස් ප්‍රවාහන සේවාවක් ලබාදීම ​මෙම ව්‍යාපෘතියේ අරමුණ බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

තවද අධිවේගී මාර්ගයේ සහ දුරගමන් බස් සේවාව ශක්තිමත් කිරීම මගින් ජාතික ප්‍රවාහන ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙමගින් බලාපොරොත්තු වේ.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest