අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.. මාර්ගෝපදේශ මාලාවක්

මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව (23) නිකුත් කර ඇත.

රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.

සියලු ලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම.

තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේදය.

හැකි සෑමවිටම Sky lights භාවිත කිරීම.

වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය.

උදෑසන කාලයේ ජනෙල් විවෘත කිරීම සහ පැය 1ක් හෝ 2ක් වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කිරීම හා වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක් පවත්වා ගැනීම අනිවාර්යය වේ.

අධි ආරක්ෂක හා ආරක්ෂිත කලාප මාර්ගවල හැර සියලුම මාර්ගවල විදුලි පහන් නිවාදැමීම.

විදුලි සෝපානය වෙනුවට හැකිතාක් පියගැටපෙළ භාවිත කිරීම.

නියමිත රාජකාරි වෙලාවෙන් පසුව හා සතිඅන්තයේ කාර්යාල වසා තැබීම.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest