RMV ලොක්කාට අද දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අද (30) කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් (10) වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අදාළ කැබ් රථයට E කාණ්ඩයේ අංකයක් ලබාගැනීම සහ චැසි සංශෝධනයට ඉදිරිපත් කර තිබූ චැසි සංශෝධන ගොණුව නීති විරෝධී ලෙස සඟවා තබා අසත්‍ය ප්‍රකාශ ලබා දෙමින් අදාළ රථය ව්‍යාජ ලෙස එකලස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ආධාර අනුබලදී ඇති බවට චෝදනා එල්ල වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments