ඊශ්‍රායලය වෙත මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පලස්තීනුවන්ට යුද අධිකරණ හමුවේ මරණ දණ්ඩනය දීමේ නීතියක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කර ඇත.
මෙම මරණ දණ්ඩනය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් අන්ත දක්ෂිණාංශිකයින් වෙත ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දින 30ක් ඇතුළත ක්‍රියාත්මක වන මෙම නීතිය, අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු මන්ත්‍රීවරුන් 120 දෙනෙකු විසින් අනුමත කරන ලද අතර ඊට විරුද්ධව ඡන්ද 48ක් සහ එක් අයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
කෙසේ වෙතත් පලස්තීන ජාතිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන ඊශ්‍රායල ජාතිකයින්ට මෙම මරණ දණ්ඩනය පැනවෙන්නේ නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

