ඉතාම කෙටි කාලයක් තුළ ඉරානය සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්තාන විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.
අමෙරිකාව හිතාමතාම කිසිදු ජල පිරිපහදු මධ්‍යස්ථානයක් මෙතෙක් ඉලක්ක කර නොමැති නමුත් අමෙරිකානු භටයින් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් අදාළ ප්‍රහාර එල්ල කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මුහුදු ජලයේ ලවණ ඉවත් කොට එය පරිභෝජනය කළ හැකි තත්ත්වයට පත් කිරීම ජල පිරිපහදු මධ්‍යස්ථාන හරහා සිදුකරයි.

