ඉරානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ග සඳහා එක්වීම ප්‍රතික්ෂේප කරන රටවල් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විවේචන එල්ල කර ඇත.
ඉන්ධන ලබාගැනීමට නොහැකිව සිටින, එහෙත් ඉරාන පාලනයට එරෙහි මෙහෙයුම්වලට සහාය නොදෙන බ්‍රිතාන්‍යය වැනි රටවල් වෙත උපහාසාත්මක යෝජනාවක් ඉදිරිපත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,
“මා සතුව ඔබට යෝජනා දෙකක් තිබෙනවා. පළමුවැන්න, අමෙකාවෙන් ඉන්ධන මිලදී ගන්න, අප සතුව ඕනෑ තරම් තිබෙනවා. දෙවැන්න, දැන්වත් ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඔබට අවශ්‍ය දේ බලහත්කාරයෙන් ලබාගන්න.”
මේ අතර සැපයුම් රැගත් අමෙරිකානු ගුවන් යානාවලට ප්‍රංශ ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදීම ඉතාම අහිතකර බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

