ලොව වැඩිම ජනගහනයක් සිටින ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුම ගණනය කිරීමේ දැවැන්ත කාර්යය සඳහා එරට නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් වසරක කාලයක් පුරා මෙහෙයුම් දියත් කිරීමට සූදානම් වේ.
ඒ අනුව අප්‍රේල් (01) වනදා සිට ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුම ගණනය කිරීම ආරම්භ වන බවත් සංගණනය අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන බවද ඉන්දීය රජය නිවේදනය කරයි.
පළමු අදියර – අප්‍රේල් (01) වනදා සිට අන්තර්ජාලය හරහා ස්වයංව ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදීම.
දෙවන අදියර – නිවාස සහ නිවාසවල තත්ත්වයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා නිලධාරීන් නිවසින් නිවසට යාම.
තෙවන අදියර – පුද්ගලයන්ගේ ආර්ථික සහ සමාජීය තොරතුරු මෙන්ම කුලය පිළිබඳ තොරතුරු රැස් කිරීම.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම සියලු දත්ත ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ වාර්තා කරන බැවින් ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීමට හැකි වනු ඇති බව සංගණන කොමසාරිස් මෘතුංජය කුමාර් නාරායන් සඳහන් කරයි.

