මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට අද (03) දිනයේ ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කලටුවාව සහ ලබුගම ජලාශ වලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
පාදුක්ක ප්රදේශයට (02) රාත්රී 8.00 සිට අද (03) රාත්රී 8.00 දක්වා ජල කප්පාදුව මේ වන විට ක්රියාත්මක වේ.
හෝමාගම ප්රදේශයට අද (03) රාත්රී 8.00 සිට හෙට (04) රාත්රී 8.00 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
පැලැන්වත්ත ප්රදේශයට හෙට (04) රාත්රී 8.00 සිට (05) වනදා රාත්රී 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව ඇත.
මෙම ජල කප්පාදුව ඉහත ප්රදේශ වලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

