මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී ඉලක්ක කරගනිමින් Talk with Sudantha යූටියුබ් නාලිකාව හරහා සුදත්ත තිලකසිරි යන අය විසින් සිදුකළ අපහාසාත්මක සහ නින්දිත ප්‍රකාශයන්ට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමු කිරීමට ඇයගේ නීතිඥවරයා කටයුතු කර ඇත.
සම්මානනීය මාධ්‍යවේදිනියක් වන ඇයගේ පෞද්ගලික ජීවිතයට සහ කීර්තිනාමයට හානි වන පරිදි අදාළ පුද්ගලයා ඉතා පහත් වචන භාවිතා කරමින් ප්‍රකාශ නිකුත් කර ඇති බව ඇයගේ නීතිඥවරයා සඳහන් කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එය මාර්ගගත ක්‍රමවේදයන් පිළිබඳ සුරක්ෂිත පනත යටතේ විමර්ශනය වෙමින් පවතින බවද ඇයගේ නීතිඥවරයා සඳහන් කරයි.
සිවිල් නීතිය යටතේ ගොනුකළ එන්තරවාසිය මගින් නියමිත කාලය තුළ අදාළ වන්දි මුදල ගෙවීමට ඔහු අපොහොසත් වන්නේ නම් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා දිසා අධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බවද නීතිඥවරයා සඳහන් කරයි.

