හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ලිඛිතව දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව ලබන (10) වැනිදාට ප්‍රථම සිය වත්කම් බැරකම් හා පවුලේ වත්කම් බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මඟින් ලබාදෙන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත.
මහින්ද රාජපක්ෂ සහ පවුලේ අය සම්බන්ධයෙන් පසුගිය 2010 වසරේ සිට 2015 දක්වා කාලයේ ආරම්භ කරන ලද පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශ ලබා දෙන ලෙසට නොතීසියක් නිකුත් කරමින් මෙම දැනුම්දීම කර ඇත.
සිදුකරන විමර්ශන දිගු කාලයක් ප්‍රමාද වී ඇති එබැවින් අප්‍රේල් (10) වැනි දිනෙන් පසු අවශ්‍ය තොරතුරු ලබාදීමට මහින්ද රාජපක්ෂට තවත් කාලයක් ලබා නොදෙන බවද අල්ලස් කොමිසම දැනුම්දී ඇත.
අදාළ කාලසීමාව තුළ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කොමිසම හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.
දූෂණ විරෝධී පනත යටතේ කොමිසමට පැවරී ඇති බලතල අනුව මෙම නොතීසි නිකුත් කර ඇත.

