ඉරානය සිදුකෙරන බියගන්වා යටත් කරගැනීමේ (Blackmail) කිසිදු උත්සාහයක් සඳහා තමා ඉඩ නොදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ඉරාන නායකයින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කරන නමුත් අමෙරිකාවට එරෙහිව එවැනි තර්ජන එල්ල කිරීමට ඉඩක් නොමැති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ඉරානය සමඟ “ඉතා යහපත් මට්ටමේ සාකච්ඡා” මේ වනවිට සිදුවෙමින් පවතින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

