කළුතර, බෝසිරිපුර ප්‍රදේශයේදී පියා විසින් යකඩ පොල්ලකින් පහරදී තම දියණිය ඝාතනය කර ඇත.
එම කාන්තාව හා ඇයගේ පියා අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පියා විසින් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඝාතනය සිදුකළ වයස අවුරුදු 63ක් වන සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර උතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් ඇති අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


