අද (12) දින උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ වනවිට ඉන් පිටව ගොස් ඇත.
පැය 2කට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදුන් අතර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ පාක්ෂිකයින් රැසක් එම ස්ථානයට පැමිණ ඔහුට සහාය පළ කළේය.
2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුව මහින්ද රාජපක්ෂ අද අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.
