Advertisements

විමල්ගේ නඩුවට මොකද වුණේ.?

සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගෙන ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ මේ නඩු විභාගය පවත්වා ඇත.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවීගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන් ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වී ඇති අතර අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූනි (08) වනදා දක්වා කල් තබා ඇත.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමව තුළ සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට විරුද්ධව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest