මාතර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සහ එහි සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමේ සිද්ධියකට අදාළව පවතින නඩුව (Browns Hill Case) අද (22) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවයි.
එම අක්කර එකහමාරක ඉඩම මිලදී ගැනීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඔහු අද (22) දිනයේ පෙනී නොසිටීයේය.
අදාළ නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
රජයේ මුදල් අවභාවිත කරමින් සහ අයථා ලෙස උපයාගත් මුදල් යොදවමින් මෙම දේපළ මිලදී ගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා මතුවූ දා සිට මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනෙයි.
දිගින් දිගටම බැසිල් රාජපක්ෂ අධිකරණය මග හරිමින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක විසින් බැසිල් රාජපක්ෂට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.
ඒ අනුව වරෙන්තුකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසිය වෙත උපදෙස් ලබාදී ඇත.
