ඉන්ධන මිල ගණන් නැවතත් සංශෝධනය සම්බන්ධයෙන් පැතිර යන කතා අසත්‍ය බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණ බව එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.
රට තුල කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවත් ඉදිරි දින කිහිපය තුළ බොරතෙල් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණෙන බවද කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.
අමෙරිකාව හා එක්සත් ආරාබි ඒමීර් රාජයේ සිට එම නෞකා බොරතෙල් මෙට්‍රික් ටොන් අනු දහස බැගින් රැගෙන එන බවද අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.
