හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ කැඳවයි.
එහෙත් එම නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී එම නඩුවල තීන්දු සූදානම් කර නොමැති බව විනිසුරුවරයා නිවේදනය කළේය.
ඒ අනුව සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස (09) වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේය.
