Advertisements

මත්ද්‍රව්‍ය සමග මාට්ටු වූ චීවරධාරීන් 23 දෙනාට දුන් නියෝගය

කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය තායිලන්තයේ සිට මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චිවරධාරීන් අද (26) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චීවරධාරීන් 23දෙනා එළැඹෙන ජුනි (09) වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර නියෝග කළාය.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් 22දෙනා අප්‍රෙල් (25) වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීමත් සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත්තේය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි. අනතුරුව අමිතාන්නද නම් චීවරධාරියා ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත්තේය.

01.මාලිගාවිල ස්වර්ණාලොක හිමි.
02.ගල්වත්තේ සුනන්ද හිමි. 
03.මාදලේ රාහුල හිමි
04.ඇතිමලේ සුභෝධාලංකාර හිමි
05.දම්මල ගුණානන්ද හිමි
06.පන්නල අමරබුද්ධි හිමි
07.මාරඹ ජෝති රතන හිමි
08.හදගනාවේ නන්දරතන හිමි
09.දෙමටනාවේ මහානාමතිලක හිමි
10.පොතුපිටියේ සමිත හිමි
11.මහවඩුගේ සද්ධානන්ද හිමි
12.නිකපොත සුමනරක්ඛිත හිමි
13.වාහල්කඩ අරියරක්ඛිත හිමි
14.රණාලේ ඤාණතුසිත හිමි
15.හිදිගහවත්තේ සීලරතන හිමි
16.නුගගොල්ලේ පවරසිරි හිමි
17.ලුණුගම්වෙහෙරේ වේළුසුමන හිමි
18.ගොඩකුඹුරේ පඤ්ඤාදේව හිමි
19.සියඹලාපේ අමිතරංසි හිමි
20.අකුරැස්සේ ජිනරතන හිමි
21.රිදීඇල සුමනරතන හිම්
22.බුල්ගල්ලේ ජිනානන්ද හිමි
23. අගුණකොලේ අමිතානන්ද හිමි

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest