අද (27) දින ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව අද සවස 7.00 සිට හෙට (28) පෙරවරු 7.00 දක්වා කාලය තුළ ජල සැපයුම කප්පාදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන්කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු තටයුත්තක් හේතුවෙන් මෙම ජල අත්හිටුවීම සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
