හිටපු වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අද (27) දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් විශාල පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් කේ.බී. විජයරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ එකඟතාවයෙන් යුතුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
2020 ජනවාරි මාසයේදී එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වූ වහාම ක්‍රියාත්මක කළ නීතිවිරෝධී උසස්වීම් මාලාවක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ප්‍රධානතම හේතුව විය.
එවක වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිෂන් සභාව එක්ව 2020 ජනවාරි (27) වැනිදා අංක 1059 දරන පොලිස් විශේෂ පණිවිඩය නිකුත් කරමින්, නිලධාරීන් තිදෙනෙකුගේ උසස්වීම් වසර ගණනාවක් ආපස්සට (පෙරදාතම කර) ලබා දීමට පියවර ගෙන තිබුණේය.
එවකට ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසයේ අධ්යක්ෂ (දැනට විශ්‍රාමික) ප්‍රසන්න අල්විස්, කොළඹ දකුණ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක, එවකට කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර පොලිස් අධිකාරී මනෝජ් රණගල එලෙස නීතිවිරෝධී ලෙස උසස්වීම් ලබා දුන් තිදෙනා වේ.
ඔවුන් තිදෙනාගේ 2013 වසරේ ලැබූ සහකාර පොලිස් අධිකාරී තනතුර 2008 වසර දක්වා ද, පොලිස් අධිකාරී තනතුර 2014 දක්වා ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර 2018 දක්වා ද ආපස්සට බලපැවැත්වෙන පරිදි පෙරදාතම කර, ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම ස්ථානගත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබුණේය.
කෙසේ වෙතත් එම නඩු තීන්දුවේ කිසිදු තැනක මෙම නිලධාරීන්ට ආපස්සට බලපැවැත්වෙන පරිදි උසස්වීම් දෙන ලෙස නියෝග කර නොමැති බවට වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පැරණි නඩු වාර්තා කැඳවා පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත.
එමඟින් පැහැදිලි වූයේ හිටපු පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසම දේශපාලන උවමනාවන් මත අසත්‍ය කරුණු දක්වමින් මෙම නීතිවිරෝධී උසස්වීම් ලබා දී ඇති බවයි.
මෙම හොර උසස්වීම් මාලාවේ ප්‍රධානතම දේශපාලන අවශ්‍යතාව වී තිබුණේ ප්‍රසන්න අල්විස් නමැති නිලධාරියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස පත් කිරීමයි.
අනතුරුව කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ එම නීතිවිරෝධී නියෝග සහ පෙරදාතම කිරීම් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට නියෝග කළේය.
කිසිදු සාධාරණ හේතුවක් හෝ සඳහන් නොකර මෙලෙස ආපස්සට උසස්වීම් දීමෙන් අනෙකුත් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් එමඟින් පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවද තීන්දු වී ඇත.
