සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ බෝගම්බර බන්ධනාගාරයේ (පල්ලෙකැලේ) බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවෙකු අතර දුරකථන ඇමතුම් 53 ක් හුවමාරු වී ඇති බව විමර්ශකයින් අනාවරණ කරගෙන ඇත.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.
බන්ධනාගාරගත රැඳවියා සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජංගම දුරකථනයක් සොයා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව සිදුවෙමින් පවතින පරීක්ෂණයකදී මෙම දුරකථන සංවාදය පිළිබඳව හෙළිදරව් වී ඇත.
ජංගම දුරකථන උපාංගය සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමේදී ඇමතුම් වාර්තා හඳුනාගෙන ඇති බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතර කාලයක සිට මෙම සමීප සබදතාවය පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත.
