වාරණ නියෝගයක් මත අත්හිටුවා තිබූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (27) දින පවත්වා ඇත.
එහිදී පොදු විපක්ෂයේ සහායෙන් වැඩි ඡන්ද 2ක් ලබා සභාපති ධුරය හිමි කරගැනීමට සමගි ජන බලවේගයේ වින්සන් ප්‍රැන්සිස් සමත්විය.
ජාතික ජන බලවේගයේ නියෝජිතයාට හිමිවූයේ ඡන්ද 8ක් පමණක් වන අතර උපසභාපතිවරයා තේරීමේ ඡන්දයෙන් වැඩි ඡන්ද 11ක් ලබා පොදු විපක්ෂයෙන් ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුසිත ලක්මාල් එම ධූරයට තේරි පත්විය.
