LIVE
අද (28) දින උදෑසන කළුතර, මුස්ලිම් පල්ලිය පාර, වෙට්ටුමකඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇත.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්කර මෝටර් රථයකින් පැමිණ අයෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි.
වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විසින් විමර්ශන ආරම්භ කර ඇත.
