මේ දිනවල පැතිර යන මෙනින්ජයිටීස් නම් රෝගය පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත.
එම රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බැවින් මෙම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාසල් දැනුවත් කළ යුතු බව දන්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.


