අමෙරිකාව නැවතත් ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවීමක් සිදුකර ඇත.
තාවකාලික සාම ගිවිසුම යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන අතරතුර ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත.
ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ලෙබනනයේ සිටින ඉරානයේ ඉහළ වැටුප් ලබන නියෝජිත කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීම වහාම නැවැත්විය යුතු බවයි.
“ඔවුන් එසේ නොකළහොත්, අප පසුගිය සතියේ කළා වගේම, හැබැයි ඊට වඩා බෙහෙවින් දරුණු ලෙස ඉරානයට නැවතත් දැඩි ප්‍රහාර එල්ල කරනවා!!”
