වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූමිකම්පන හේතුවෙන් පුද්ගලයින් 188ක් මියගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 1,520 දෙනෙකු තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද පුද්ගලයින් 157 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයින් 200කට අධික පිරිසක් සොයා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් මාපක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනවලින් පසුව පසු කම්පන 138ක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිලි 250ක් සහ වෙළඳ සංකීර්ණ 20ක් ඇතුළු යටිතල පහසුකම් ස්ථාන 346කට හානි සිදුව ඇත.
