ඉරානය විසින් කුවේට් සහ බහරේන්හි පිහිටා ඇති අමෙරිකානු හමුදා ස්ථාන 08ක් වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සඳහන් කරයි.
ඉරානයට එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් මෙලෙස කුවේට් සහ බහරේනයේ පිහිටා ඇති අමෙරිකානු හමුදා ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සඳහන් කරයි.
තවද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සහ කරනු ලබන නෞකාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සඳහන් කරයි.
මේ අතර ගුවන් ආරක්ෂක පද්ධති ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර මැඩ පැවැත්වීමට උත්සහ කරන බැවින් ජනතාව ආරක්ෂිත ස්ථානවල රැදී සිටින ලෙස කුවේට් සහ බහරේන් බලධාරීන් දැනුම් දී ඇත.
