අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇත.
සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග පැවැත්වූයේ යැයි කියන සබඳතා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙලෙස කැඳවා ඇත.
