පාකිස්තානයේ අධිවේගී මාර්ගයක ගමන් කළ බස් රථයක් පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් බිහිසුණු අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථානයේ ක්වේටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
