Advertisements
Advertisements

ආණ්ඩුව අපේ නඩු ඉක්මණින් අහනවා.. අපෙන් පළිගන්නවා

LIVE

වත්මන් ආණ්ඩුව අපේ නඩු ඉක්මණින් අහන බවත් රටේ ජනතාවගේ නඩු වලට කාලය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ජනහමුවක් අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නවා. බුද්ධි අංශ ප්‍රධානීන් සිරගත කරනවා. ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද. අද වෙනකොට අධිකරණ පද්ධතිය ඇතුලේ අවුරුදු 12ක්, 10ක් යනවා අපරාධ නඩුවක් අහන්න.

ගම්වල තරුණ පිරිස් අදටත් ඉන්නවා සමහර බොරු නඩුවලට අහුවෙච්ච අය විදේශ රැකියාවකට යන්න විදිහක් නෑ අපෙ හාමුදුරුවනේ පොලිස් වාර්තාවක් ගන්න විදිහක් නෑ. සමහර මිනිස්සූ අවුරුදු 20, 30 උසාවි යනවා.

ඒ නඩු කඩිනම් කරන්න මොකක්ද ආණ්ඩුවේ සැලැස්ම. අපේ නඩු නම් මාස හයෙන් අහනවා. අපේ ඒවනම් මාස හයෙන් අහනවා. කමක් නෑ. හැබැයි අර මනුස්සයන්ටත් සාධාරණයක් කරන්න. ඒ අයටත් සාධාරණයක් වෙන්න ඕනි. දේශපාලනික වශයෙන් අපෙන් පළිගන්න උත්සාහ කරා⁣ට.”

8 Comments
Most Voted
Newest Oldest