Advertisements

පොලිස් නිලධාරීන් 1000කට වැඩි පිරිසක් වහාම සේවයෙන් ඉවත් කරයි

විවිධ වැරදි වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 1000කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම, අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පැවැත්වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වීම හේතුවෙන් ඉන් කොටසක් සේවයෙන් ඉවත් කළ බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අනෙක් පිරිස රාජකාරි පැහැර හැරිම්, අල්ලස් ලබා ගැනීම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වීමත් සමග සේවයෙන් පහකර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල තවදුරටත් සඳහන් කරයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest