හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර ඊයේ (21) දින පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද (22) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
ඔහු ඊයේ (21) කොල්ලුපිටිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

