රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාරට එරෙහි නඩුව අද (22) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි.
අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ලබන (30) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) දින නියෝග කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

