බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති.. විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට

බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාර දෙනු ලැබීය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය (08) වෙනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම කමිටුව පත් කරන ලද අතර, අදාළ කරුණු අධ්‍යයනය කර සති දෙකක් ඇතුළත නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවට පැවරිණි.

ඒ අනුව, භික්ෂුන්වහන්සේ සහ අනෙකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාරගත කිරීමේදී බලපානු ලබන රෙගුලාසිවලට අදාළ සංශෝධිත යෝජනා මෙසේ ඉදිරිපත් කරනු ලැබ තිබේ.

0 Comments
Most Voted
Newest Oldest