මේ වනවිට එල්-නිනෝ තත්ත්වය දැඩිව වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවයි.
ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසයන් ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් ඇති කාලසීමාවක් විය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සඳහන් කරයි.
මෙම එල්-නිනෝ තත්ත්වය නොවැම්බර් මාසය වනවිට එහි උච්චතම අවස්ථාවට පැමිණිය හැකි බවද අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සඳහන් කරයි.
එයට මුහුණදීම සඳහා රාජ්‍ය අංශ ආයතනික වශයෙන් දැඩි බලගැන්වීමක් සිදුකරනු ලබන බවත් මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ගෝලීයව බලපාන පාරිසරික තත්ත්වයක් වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාවගේ සහයෝගය මෙන්ම සහභාගීත්වය ද ඉතා වැදගත් බවත් ඉදිරියේදී දැඩි නියඟයක් ඇති වීමට පවා ඉඩ ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එනිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බවත් රැකියා සහ ආර්ථික අවස්ථා අහිමි වීම ද එල් නිනෝ බලපෑම හමුවේ සිදුවිය හැකි ප්‍රධාන තත්ත්වයක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එල්-නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

