Advertisements

චීනයේ ඉතිහාසගත පළමු මෙහෙයුම

චීනයේ ශැංහයි වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට “Gravity-1” වාහක රොකට්ටුව චන්ද්‍රිකා 9ක් සමග සාර්ථකව අභ්‍යවකාශගත කළ බව Taiyuan චන්ද්‍රිකා මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම රොකට්ටුව හරහා චන්ද්‍රිකා 09ක් නියමිත කක්ෂවල සාර්ථකව ස්ථානගත කළ බවත් එමගින් චීන අභ්‍යවකාශ මෙහෙයුම් හැකියාව තවදුරටත් විවිධාංගීකරණය කිරීමට එය උපකාරී වන බව චීන නිලධාරීන් සඳහන් කරයි.

මෙය “Gravity-1” රොකට්ටුවේ පළමු විවෘත සාගර මෙහෙයුම වන අතර Yangtze ගංගාවට ආසන්න නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ සිදුකළ චීනයේ පළමු වාණිජ සාගර අභ්‍යවකාශ මෙහෙයුම ලෙස ඉතිහාසගත වෙයි.

මෙම මෙහෙයුම මඟින් “Gravity-1” රොකට්ටුවේ ප්‍රධාන කොටසට පිටතින් සවි කරන සැකැස්ම, සංකීර්ණ මුහුදු තත්ත්වයන්ට අනුගත වීමේ හැකියාව සහ දිගු කාලයක් සූදානම් තත්ත්වයේ පවතින හැකියාව තවදුරටත් සනාථ කර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest