පාර්ලිමේන්තු මන්ත්රී අර්ච්චුනා රාමනාදන්ට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (24) දින පියවර ගෙන ඇත.
කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇත.
මෙම නඩුවට අදාළව මන්ත්රීවරයා අද අධිකරණයේ පෙනී නොසිටි අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට නොමැත.
ඒ අනුව මන්ත්රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය පියවර ගෙන ඇත.

