හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබෙන නඩුව අද (24) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.
දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 730කට අධික ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා අසනීප තත්වයෙන් පසුවන බවත් ඒ අනුව නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
අනතුරුව දිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස (20) වනදා කැඳවන ලෙස නියෝග කළේය.
සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් මීලඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා විසින් අවවාද කළේය.

