ලබන 2029 වසරේදී වෙනත් ආණ්ඩුවක් බලයට ආවොත් අධිකරණ අමාත්‍යවරයාට අවුරුදු 25කට සිරදඬුවම් නියම කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සඳහන් කරයි.
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ,
“මම පාර්ලිමෙන්තුවේ උදේ 9.00 ඉදන් ඉන්නවා. මේ දැන් වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. මම බොහොම කණගාටුවෙන් කියනවා. කරුණාකරලා ඇමති ඉල්ලා අස්වෙලා යන්න.
මම කියනවා දැන්මම මෙයාව ඉවත් කරලා, නඩුවක් දාලා, ඇරෙස්ට් කරලා හිරේ දාලා, බොරුවට චෝදනාවක් දාලා, නඩුව ඉවර කරන්න කියලා.
නැත්තම් 2029 දී අවුරුදු 25කට මම මෙයාව ඇතුලට දානවා. තව අණ්ඩුවක් ආවොත් 2029 දී මෙයාව අවුරුදු 20 – 25කට හිරේ දානව මිනීමරුම් 30කට. අනිවාර්යෙන් 2029යේ දානවා.
මෙයාලට හොදට පුරුදුයිනේ බොරුවට නඩු දාලා. ඒ නිසා බොරු නඩුවක් දාලා, බොරුවට ඇතුළට ගිහිල්ලා, සාක්කි දීලා එයටම ඒවා ඉවර කරගෙන එන්න කියලා. නැත්නම් 2029 මම දන්නෑ කෙහෙද දුවන්න වෙන්නේ කියලා.”
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) දින පියවර ගත්තේය.
කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට වරෙන්තු නිකුත් කර ඇත.

