නඩු කටයුතු අවසන් කළ කිලෝග්‍රෑම් 100කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම සඳහා අද (25) දින පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන දහන උදුන වෙත රැගෙන ගියේය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 99 ග්‍රෑම් 478ක් සහ නොයෙක් ප්‍රදේශවල ගරු අධිකරණ මගින් විභාග කළ නඩු කටයුතු 208ක් අවසන්ව එම නඩු කටයුතු වලට අදාලව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් දවා විනාශකිරීම සඳහා අද (25) වන දින උදෑසන පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන දහන උදුන වෙත රැගෙන යන ලදී.
මෙම ක්‍රියාවලිය රාජ්‍ය නිලධාරීනගේ අධීක්ෂණය යටතේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව යටතේ සිදු කළේය.



