විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
තමන් වෙත ලැබී ඇති උපදෙස් අනුව විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ කැබිනට් පත්‍රකාව සකස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූවහොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

