සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව පැය 24 කට වැඩි කාලයක් උණ පවතී නම්, එම ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
ඩෙංගු වැළඳුනු ළමුන් 50 දෙනෙකු පමණ මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කරයි.
එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාව පිළිබඳ ගැටලු මතු විය හැකි බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කරයි.

