කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන සඳහා 2026 වසරේ ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.
ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන යටතේ Dairy Hub සමිති 325ක් හරහා කිරි ගොවීන් සංවිධානය කිරීම, කිරි ආශ්රිත ව්‍යවසායකයින් බිහි කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම වැඩසටහන හරහා මෙරට වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම අභිජනන ගොවිපල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය කිරි ගොවිපල සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවත් පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මඟින් කිරි ගොවීන් නඟා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරි ගොවීන්ගේ ආදායම් ශක්තිමත් කිරීම සහ දේශීය කිරි අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

