Advertisements

කුඩු ගහන ප්‍රසිද්ධ නිළියන් ගැන හෙළිවෙයි

රංගන ශිල්පියකුගේ සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ උසස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු ඇතුළු තිදෙනෙක් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟ කිරිබත්ගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ප්‍රධාන සැකකරුගේ සමීප මිතුරන් වන අතර එක් අයෙකු ඔහුගේ ඥාතියෙකු බවත් අනෙක් පුද්ගලයා මෑතකදී ජපානයේ සිට මෙරටට පැමිණි අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථයකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර 26 හැවිරිදි ප්‍රධාන සැකකරු කොකේන් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සැකකරු මෙම ජාවාරම මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති අතර තායිලන්ත ජාතිකයන් පිරිසක් විසින් මෙරටදී ඔහුට මත්ද්‍රව්‍ය තොග ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුම ‘කොකේන්’ සහ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බවට තොරතුරු රැසක් හෙළිකර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest